අනුමානය හා ප්‍රත්‍යක්ෂය
අනුමානය
අනුමානය යනු ලබා ඇති පළපුරුද්ද අනුව තක්සේරු කිරීම හෙවත් නිගමනය කිරීමයි. වෙනත් විදියකින් කියතොත් ඉන්ද්‍රිය මගින් හෝ වෙනත් ආකාරයකින් ප්‍රත්‍යක්ෂ කළ නොහැකි දෑ පිළිබඳව ලබන ඥානය අනුමානයයි. මූලික වශයෙන් දැනුම ලබා ගැනීමේ මාර්ගයක් ලෙස අනුමානයට සුවිශේෂී ස්ථානයක් හිමි වී ඇත .තමාට ප්‍රත්‍යක්ෂව දෙයක් පදනම් කර ගනිමින් ප්‍රත්‍යක්ෂ නොවූ දෙයක් පිළිබඳව කරනු ලබන ප්‍රජානනය අනුමානය වේ . වෙනත් වචනවලින් ප්‍රකාශ කරන්නේ නම් තමා විසින් කලින් ඇතිකරගන්නා ලද දැනුමක් අනුව මැන බලා ඇති කරගන්නා ඥානය අනුමානය නම් වේ .
ඤාණ මාර්ගයක් වශයෙන් ප්‍රත්‍යක්ෂය පිළිබඳව මෙන්ම අනුමානය පිළිබඳව ද යම් අදහස් මූලාශ්‍රවල සඳහන් වේ . අනුමානය කාලය හා දේශයෙන් ඈත් වූ දේ පිළිබඳව ලබන ඥානය වේ .
උදා -: යමෙකු ඉදිරියෙහි දිස්වන ගින්න ප්‍රත්‍යක්ෂයට ගෝචර වේ . ඒත් ගෙයක් තුළ වූ ගින්න නො දැක දුම් කවුළුවෙන් පිටවන දුම දැක එහි ගින්නක් ගින්නක් තිබේයැයි අනුමානය කොට අනුමානයක් ගොඩනගන ඥානය අනුමාන ඥාණය ලෙස හැඳින්වේ.
" අනුමානං ද්විධා ස්වාර්ථං පරාර්ථං ච " යනුවෙන් අනුමානයේ ප්‍රභේද දෙකකි .
1 . ස්වාර්ථානුමානය
2 . පරාර්ථානුමානය
තමා පිළිබඳව වූ අනුමානය ස්වාර්ථ අනුමානය වේ . අන්‍යයන් සඳහා වුව අනුමානය පරාර්ථ අනුමානය වේ . ස්වාර්ථ අනුමානය යනු තමා සඳහා වූ අනුමානය හුදෙක් තමාගේ සිත තුලම ඇති වන්නකි . පරාර්ථ අනුමානය යනු තමන් ලබාගත් අත් දැකීමක් දැනුමක් යමෙකුට වටහාදීම දීමයි.
ප්‍රත්‍යක්ෂය
බාහිර ලෝකය පිළිබඳ ඥානය ලබා ගන්නා ප්‍රධාන ඥාන මාර්ග දෙකක් කෙරෙහි අවධානය යොමු කොට ඇත .
1 . ප්‍රත්‍යක්ෂය
2 . අනුමානය
ප්‍රත්‍යක්ෂයේ කොටස් දෙකකි .
1 . ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය
2 . අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය
ප්‍රත්‍යක්ෂය යන්න ප්‍රති + අක්ෂ යන පදයන්ගේ සන්ධානයෙන් සිද්ධ වූවකි . අක්ෂ යනු ඉන්ද්‍රීයන්ට නමකි. ප්‍රත්‍යක්ෂ යනු කල්පනාවෙන් තොර මුලා නොවූ ඤාණයයි.
" තත්‍ර ප්‍රත්‍යක්ෂං කල්පනා ප්‍රෝඪමභ්‍රාන්තම් "
උදා -: කෑමක රස ගතිය තිත්ත, පැණි රස , ඇඹුල් රස, ලුණු රස ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය .
උදා -: පුබ්බේනිසානුස්මෘති ඥානය , හා ආසවක්ඛය ඤාණය , චුතූපපාත ඤාණය

Comments
Post a Comment